‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ වශයෙන් හානියට පත්ව අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ රජයේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 124ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඔක්තෝබර් 8 වැනිදා සිදුකර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල, බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්මල්ලන්ද ප්‍රදේශයේදී නිවාස 62ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබා තිබේ.
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්බැද්ද ප්‍රදේශයේදී නිවාස 27ක් ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහාද මුල්ගල් තැබීම සිදුකර ඇත.
එමෙන්ම, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලාගොල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් බ්ලානිවත්ත ප්‍රදේශයේදී තවත් නිවාස 35ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබා තිබේ.
මෙම වැඩසටහන යටතේ පූර්ණ වශයෙන් නිවාස හානියට පත්වූ පවුල් 124කට නව නිවාස ලබාදීමට නියමිතය.














