කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී හා ප්රජාතන්ත්රවාදී නොවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි. එම හේතුවෙන් ඔහු තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව පවසමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.














