රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “ඇසි දිසි පියවර” ප්‍රාදේශීය මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (08) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වී තිබේ.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ මාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහනට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද සහභාගි වී ඇත.
මෙහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා විසින් “මාධ්‍ය ආචාරධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය” යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වා තිබේ. වෘත්තීය මාධ්‍යකරණයේදී මාධ්‍ය ආචාරධර්මවල වැදගත්කම සහ වගකීම්සහගත මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව පිළිබඳව එහිදී අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ද විශේෂ දේශනයක් පවත්වා තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු සඳහා වැදගත් වන දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙම වැඩසටහන අවස්ථාවක් සලසා දී ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා සහ මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනයට සහාය වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම “ඇසි දිසි පියවර” වැඩසටහන ක්‍රියාත්මක කරයි.














