ඉන්දියාවේ ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයේදී නම් මිලියන 130කට අධික ප්රමාණයක් ඉවත් කර ඇති බවට මතුව ඇති විරෝධය හමුවේ, එරට ප්රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් ද විරෝධතා සඳහා එක්ව සිටිති.
ප්රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා විරෝධතාකරුවන් නවදිල්ලියේ ශ්රේෂ්ඨාධිකරණය දෙසට පාගමනක් සංවිධානය කර තිබේ. ඡන්ද නාමලේඛන සංශෝධනයෙන් සුදුසුකම් ලත් ඡන්දදායකයන්ට ද ඡන්ද අයිතිය අහිමි විය හැකි බව විපක්ෂය චෝදනා කරයි.
මෙම විරෝධතාවලට “කොක්රෝච් ජනතා පක්ෂය” ලෙස හඳුන්වන තරුණ ක්රියාකාරී කණ්ඩායම, ශිෂ්ය සංවිධාන සහ සමාජ ක්රියාකාරීන් ද එක්ව සිටිති. පසුගිය දිනවල විරෝධතාවලදී දහස් ගණනක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඉන්දීය මැතිවරණ කොමිසම පවසන්නේ මියගිය, වෙනත් ස්ථානවලට පදිංචිය මාරු කළ සහ සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ නම් ඉවත් කිරීම එම සංශෝධනයේ අරමුණ බවයි. දේශපාලන පක්ෂයකට වාසි සැලසීමේ චෝදනා ද කොමිසම සහ පාලක භාරතීය ජනතා පක්ෂය ප්රතික්ෂේප කර තිබේ.
















