මැදවච්චිය පිහිණියාගොල්ලෑව ප්රදේශයේ යම් අසනීප තත්ත්වයකින් පෙළෙන වයස අවුරුදු 05ක පමණ පිරිමි අලි පැටවකුට පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් සහ අනුරාධපුර අඩවියේ වනජීවී නිලධාරීන් එක්ව ප්රතිකාර සිදු කර තිබේ.
අසනීප තත්ත්වයෙන් පසුවන අලි පැටවා අසලම රැඳී සිටි මව, පැටවා දමා යාමට අකමැති වීම නිසා වනජීවී නිලධාරීන්ට අලි පැටවාට ප්රතිකාර ලබාදීම සඳහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇත. කෙසේ වෙතත්, නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ අලි පැටවාට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.
















