ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ ක්රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ රැස්වීමක් ඊයේ (11) දින අකුරැස්සේදී පවත්වා තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසන සංවිධායක කරුණා කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතයින් සහ ක්රියාකාරීන් පිරිසක් සහභාගී වී ඇත.
















