පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු සිව්දෙනා ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (12) දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය. නාවලපිටිය – තලවකැලේ ප්රධාන මාර්ගයේ බව්වාගම ප්රදේශයේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදුවූ යතුරුපැදි අනතුරකින් පසුව ඇතිවූ ගුටිබැට හුවමාරුවකට අදාළව නගර සභා සභාපති අමල් ප්රියංකර, ඔහුගේ පුත්රයා, බෑනා සහ අනතුරට සම්බන්ධ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
















