සාන්තුවරයන්ගේ 57 වැනි වාර්ෂික සිව්කොන් ක්රීඩා උළෙල ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙහි පැසිපන්දු තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ක්රිකට් සහ රග්බි තරග සාන්ත පීතර සහ සාන්ත ජෝශප් ක්රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය වයස අවුරුදු 40ට වැඩි සහ 40ට අඩු කාණ්ඩ යටතේ පැවැත්වේ. කොටහේන සාන්ත බෙනඩික්ට්, කොළඹ සාන්ත ජෝශප්, බම්බලපිටිය සාන්ත පීතර සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්යාලවල ආදි ක්රීඩකයන් ඊට එක්වීමට නියමිතය.
එම පාසල්වල සහෝදර බාලිකා පාසල් හතරක ආදි ක්රීඩිකාවෝ ද තරගාවලියට සහභාගි වෙති. ඒ අතර සාන්ත බ්රිජට් කන්යාරාමය, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්යාරාමය සහ මහනුවර හා කොළඹ යහපත් එඬේරාගේ කන්යාරාම ඇතුළත් වේ.
ඔක්තෝබර් 17 වැනිදා සමාරම්භක අවස්ථාව දිනේෂ් කළුතොට මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, 18 වැනිදා සමාප්ති උළෙල ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක රුමේෂ් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 1975 වසරේ සාන්ත පීතර විද්යාලයේ ක්රිකට් කණ්ඩායමේ නායකයා වූ බර්නාඩ් විජේතුංග මහතා ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.














