දකුණු ආසියානු කලාපයේ උසස් තත්ත්වයේ කුඩු ආලේපන (Powder Coatings) සඳහා පවතින ඉහළම සහ වඩාත්ම ආකර්ෂණීය වෙළඳපොළක් ලෙස ශ්රී ලංකාව හඳුනාගෙන ඇති බව ගෝලීය ආලේපන ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් වන Axalta Coating Systems හි ප්රධාන විධායකයෝ නිල වශයෙන් ප්රකාශ කරති. කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී මෙරට රිචඩ්සන් හෝල්ඩින්ග්ස් (Richardson Holdings) සමාගම සමඟ නව නිල හවුල්කාරිත්වයට එළැඹෙමින් ඔවුන් පෙන්වා දුන්නේ, මෙරට ඉදිකිරීම්, ඇලුමිනියම් සහ දේපළ සංවර්ධන අංශයන්හි අලුත් වන ප්රබෝධයත් සමඟ උසස් තාක්ෂණික කාර්මික ආලේපන සඳහා වන ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි.
වසර 150කට අධික ගෝලීය අත්දැකීම් සහිත Axalta සමාගමේ උසස් තාක්ෂණය සහ රිචඩ්සන් සමාගමේ දශක දෙකකට අධික දේශීය වෙළඳපොළ ප්රගල්භභාවය එක්වීම, මෙරට යටිතල පහසුකම් හා ගෘහ නිර්මාණ ක්ෂේත්රයට නව තාක්ෂණික පිම්මක් ලබාදෙන සංධිස්ථානයක් ලෙස සැලකේ. පාරජම්බුල (UV) කිරණවලට ප්රතිරෝධී, විඛාදන ආරක්ෂණය සහ දිගුකාලීන පවතින නිමාවකින් යුත් මෙම උසස් තාක්ෂණික නිෂ්පාදන දේශීය වෙළඳපොළට අලුතින් එක්වීම මඟින් මෙරට දැවැන්ත යටිතල පහසුකම් සහ වාණිජ ව්යාපෘති සඳහා ජාත්යන්තර ප්රමිතියේ ගුණාත්මකභාවයක් අත්කර ගැනීමට මඟපෑදෙනු ඇත.
මෙරට ආර්ථිකයේ සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ නැවත ප්රබෝධමත් වීම හමුවේ ගෝලීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ශ්රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය මෙම නව හවුල්කාරිත්වය හරහා මනාව තහවුරු වන අතර, එය දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වයටද රුකුලක් වනු ඇත. ඉදිරියේදී දේශීය ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ සංවර්ධකයන්ට ලෝකපූජිත තාක්ෂණයට සෘජුවම ප්රවේශ වීමට අවස්ථාව සැලසෙන අතර, මෙමඟින් ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය කලාපීය මට්ටමේ උසස් ප්රමිතියකට පරිවර්තනය වනු ඇති බව ආර්ථික හා කර්මාන්ත විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















