මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ජාත්යන්තර සම්බාධක සම්බන්ධ නීති පද්ධතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම මූල්ය ආයතනය වන Bank of America වෙත ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඩොලර් බිලියන 1.2කට අධික අතිදැවැන්ත දඩයක් පනවා තිබේ. චීන මුදල් විශුද්ධිකරණ ජාල සහ ඇමෙරිකාවේ නිරිතදිග දේශසීමා ආශ්රිතව සිදුවන නීතිවිරෝධී මූල්ය ක්රියාකාරකම් ඇතුළු ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් එල්ල කරන නීතිවිරෝධී ගනුදෙනු නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට අදාළ බැංකුව අපොහොසත් වීම මෙම දැඩි නීතිමය ක්රියාමාර්ගයට ආසන්නතම හේතුව වී ඇත.
ජාත්යන්තර මූල්ය පද්ධතියේ ස්ථායීතාව සහ විනිවිදභාවය දැඩි ලෙස අභියෝගයට ලක්කරන මෙවැනි ක්රියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්රකාශ කර ඇත්තේ, දැවැන්තම මූල්ය ආයතනයකට වුවද නීතියට ඉහළින් සිටීමට ඉඩ නොතබන බවට වන පැහැදිලි සංඥාව මෙමඟින් මුළු ලොවටම ලබාදෙන බවයි. ලොව ප්රමුඛ පෙළේ බැංකුවක් සිය වගකීම් පැහැර හැරීම මඟින් සමස්ත ගෝලීය මූල්ය පද්ධතියම නීතිවිරෝධී මුදල් සංසරණ අවදානමකට ලක්වන බව පෙන්වා දෙන විචාරකයෝ, මෙම තත්ත්වය හමුවේ අදාළ දඩ මුදල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නියාමන බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බව Bank of America ආයතනය උදෘත කරමින් CNN පුවත් සේවය තහවුරු කරයි.
ලොව විශාලතම වාණිජ බැංකුවක් වෙත පනවන ලද මෙම බිලියන ගණනක අතිදැවැන්ත දඩය, ඉදිරියේදී ගෝලීය මූල්ය ක්ෂේත්රයේ දැඩි නියාමන ප්රතිසංස්කරණ රැසකට මඟපාදනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ජාත්යන්තර මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ රෙගුලාසි සහ සම්බාධක නීති රීති වඩාත් තදින් ක්රියාත්මක කිරීමට මූල්ය නියාමන ආයතන පෙළඹෙනු ඇති අතර, එමඟින් බහුජාතික බැංකු පද්ධතිවල අභ්යන්තර විගණන සහ ආරක්ෂණ පියවරයන් සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කිරීමට සිදු වනු ඇත.
















