දේශගුණික හා කාලගුණික විපර්යාස පිළිබඳ සාක්ෂරතාව වත්මන් යුගයේ අත්යවශ්යතාවක් වී ඇති බැවින්, එය 1 වසරේ සිට හෝ මුල් ළමාවිය අධ්යාපනයේ සිටම දරු පරපුරට ඉගැන්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
මහාචාර්ය එල්.එම්. අබේවික්රම සහ විපක්ෂ නායකවරයාගේ සම සභාපතිත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එල් නිනෝ සහ ලානීනා වැනි විශේෂිත දේශගුණික සංසිද්ධීන් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පුරෝකථනය කරමින් ආයතනික පූර්ව සූදානමක වැදගත්කම ඔහු අවධාරණය කළේය. ආපදාවක් සිදුවූ පසු ප්රතිචාර දක්වනවාට වඩා පෙර සිටම සූදානම් වීමේ ක්රමවේදයකට යා යුතු බවත්, පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය පාසල් විෂය මාලාවට ඇතුළත් කරමින් පුරවැසියන් දැනුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














