රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය මණ්ඩල වාර්තාව අද (15) පස්වරු 4.00ට පෙර රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කර ඇත්තේ වෛද්යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මේ සඳහා පත්කර ඇති බවයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හෘදය ආශ්රිත රෝග තත්ත්වයන් සහ ඒ සඳහා අවශ්ය ප්රතිකාර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්ය මණ්ඩලය මගින් සිදුකිරීමට නියමිතය.
මේ අතර, රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩුව හෙට (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිත බව සඳහන් වේ.
















