• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට චීනය සමඟ නව වැඩපිළිවෙළක්

15 October 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට චීනය සමඟ නව වැඩපිළිවෙළක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (14) කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, AI තාක්ෂණය භාවිතය සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය.
එහිදී ජාතික මට්ටමේ ස්වෛරී AI පරිගණක මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා චීනයේ සහාය ලබාගැනීම සහ AI ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
AI දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම, මානව සම්පත් හා තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීම සහ නව ආයෝජන අවස්ථා හඳුනාගැනීම කෙරෙහිද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.
චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ රබර් සහ වී වගාව වැනි සාම්ප්‍රදායික කර්මාන්ත සඳහාද AI තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාගැනීමට සූදානම් බවයි. එමෙන්ම, යෝජිත AI පරිගණක මධ්‍යස්ථානය සම්බන්ධ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටද කැමැත්ත පළ කර තිබේ.
ශ්‍රී ලංකාවට ස්වෛරී AI තාක්ෂණය පුළුල්ව භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා වී ඇත.
ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුමක් අදාළ රාජ්‍ය ආයතනවල උපදෙස් අනුව සකස් කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා සහ චීන නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ.
Post Views: 9
Previous Post

ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් 14කගේ වාර්තාව අද රෝහල් අධ්‍යක්ෂට භාරදීමට නියමිතයි

Next Post

ශ්‍රී ලංකාවේ කාර්මික හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉන්දීය ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved