තණමල්විල පොලිස් වසමේ ගැමුණුපුර ප්රදේශයේදී වියළි ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 14 වැනිදා සවස ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ කතරගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් දෙකක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී වියළි ගංජා කිලෝග්රෑම් 37යි ග්රෑම් 860ක් ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී කිලෝග්රෑම් 35යි ග්රෑම් 210ක් ද සොයාගෙන තිබේ. ඒ අනුව සොයාගත් වියළි ගංජා ප්රමාණයේ මුළු බර කිලෝග්රෑම් 73යි ග්රෑම් 70කි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 56 යන වයස්වල පසුවන කුඩාඔය ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
සැකකරුවන් තණමල්විල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තණමල්විල පොලිසිය විසින් සිදුකරනු ලබයි.















