අසනීප තත්ත්වයෙන් පසුවන ‘කාවන්තිස්ස’ ඇතාගේ රාත්රී හැසිරීම් රටාවන් නිරීක්ෂණය කර ඔහුගේ ප්රතිකාර කටයුතු සඳහා අවශ්ය වැඩිදුර තොරතුරු ලබා ගැනීම පිණිස තාප සංවේදී (Thermal-imaging) ඩ්රෝන යාත්රා යොදා ගැනීමට පියවර ගෙන තිබේ.
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා විසින් සිදු කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර, ඇතාගේ රාත්රී කාලයේ චලනයන්, ජලය පානය කිරීම සහ අනෙකුත් ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වැදගත්කම අමාත්යවරයා මෙහිදී පෙන්වා දී ඇත. අඳුරු පරිසරයන් තුළ ද දර්ශන ලබා ගැනීමට හැකි වන පරිදි තාප සංවේදී තාක්ෂණයෙන් යුත් ඩ්රෝන යාත්රා ලබා දීමට අමාත්යවරයා කටයුතු කළ අතර, ඒ හරහා එකතු කර ගන්නා දත්ත වෛද්ය කණ්ඩායමට ‘කාවන්තිස්ස’ ඇතාගේ ප්රතිකාර කටයුතු වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමට විශාල රුකුලක් වනු ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙඩිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ මහාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ඇතා සඳහා මේ වන විටත් විශේෂ ප්රතිකාර වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතී.















