ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නියමිත ඊශ්රායල මැතිවරණය සම්බන්ධයෙන් මොරොක්කෝවේ සිට දකුණු අප්රිකාව දක්වා අප්රිකානු රටවල් රැසක අවධානය යොමුවී තිබේ.
අල් ජසීරා වාර්තාවකට අනුව, ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් ඊශ්රායලය සමඟ අප්රිකානු රටවල් පවත්වාගෙන යන රාජ්ය තාන්ත්රික, ආර්ථික සහ ආරක්ෂක සබඳතා පිළිබඳ විවිධ මතභේද මතුව තිබේ. ඇතැම් රජයන් ඊශ්රායලයට එරෙහි රාජ්ය තාන්ත්රික පියවර ගෙන ඇති අතර තවත් රටවල් වෙළෙඳ හා ආරක්ෂක සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යයි.
















