මෙම වසර තුළ ජල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතා ප්රකාශ කර තිබේ.
ජල කර්මාන්තයට අදාළ ඇතැම් යෙදවුම්වල මිල ඉහළ ගොස් තිබුණද, එම පිරිවැය මහජනතාව මත අමතර බරක් ලෙස පැටවීමට කටයුතු නොකරන බව අමාත්යවරයා සඳහන් කළේය.
මහනුවර, කුණ්ඩසාලේ සහ බලගොල්ල ජල පවිත්රාගාරයේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කර ඇත.
රුපියල් බිලියන 2.2ක පිරිවැයකින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතියෙන් කුණ්ඩසාලේ, බලගොල්ල, දිගන, ගම්මුදාව සහ කොලොන්ගස්වත්ත ඇතුළු ප්රදේශවල ජනතාවට ප්රතිලාභ සැලසීමට නියමිතය.
මීට පෙර ද අමාත්යවරයා ප්රකාශ කර තිබුණේ 2026 වසරේ දෙවැනි මාස හයක කාලසීමාව තුළ ද ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි. ඒ අනුව, වසරේ ඉතිරි කාලය සඳහා ද පවතින ජල ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ තීරණය බව වාර්තා වේ.
















