දශක හයකට අධික කාලයක් සිනමා, රූපවාහිනී සහ වේදිකා රංගනයෙන් ලෝක ප්රේක්ෂකයන් අතර ජනප්රියත්වයට පත් ඇමරිකානු නළු අල් පැචිනෝට ජීවිත කාලයේ විශිෂ්ටතා සම්මානයක් පිරිනැමීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
නළු නිළියන්ගේ වෘත්තීය සමිතිය වන SAG-AFTRA විසින් බ්රහස්පතින්දා නිවේදනය කළේ, රංගන ක්ෂේත්රයට කළ දායකත්වය සහ මානුෂීය කටයුතු වෙනුවෙන් පැචිනෝට මෙම සම්මානය පිරිනමන බවයි.
‘The Godfather’ චිත්රපට මාලාවේ මයිකල් කෝර්ලියෝනේ චරිතය නිරූපණය කිරීමෙන් ලොව පුරා ප්රසිද්ධියට පත් ඔහු, මෙම සම්මානය හිමිවන 62 වැනි පුද්ගලයා වේ.
2027 පෙබරවාරි 28 වැනිදා ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත 33 වැනි Actor Awards උළෙලේදී සම්මානය පිරිනැමීමට නියමිත අතර, උත්සවය Netflix ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද සැලසුම් කර තිබේ.
‘Serpico’, ‘Scarface’ සහ ‘Once Upon a Time… in Hollywood’ ඇතුළු චිත්රපට රැසක කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කර ඇති පැචිනෝ, ‘Scent of a Woman’ චිත්රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද දිනාගෙන ඇත. එමෙන්ම එමී, ටෝනි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද ඔහුට හිමි වී තිබේ.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් පැචිනෝ පවසා ඇත්තේ, තම සමඟ රංගනයේ නිරත වූ කලාකරුවන් සමඟ ගත කළ කාලය තම ජීවිතයේ විශාල සතුටක් වූ බවයි. SAG-AFTRA වෙතින් මෙලෙස ඇගයීමට ලක්වීම ගෞරවයක් බව ද ඔහු සඳහන් කර තිබේ.














