හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් මත මේ වන විට ක්රියාත්මක වෙමින් පවතී.
ඊට සමගාමීව, ගම්මානයේ ජීවත්වන රණවිරු පවුල්වල සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා වෛද්ය සායනයක්ද පවත්වා තිබේ.
2004 වසරේදී ස්ථාපිත කළ මෙම ගම්මානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කර දෙන ලෙස එහි පදිංචිකරුවන් යුද්ධ හමුදාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදී ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ගම්මානයේ අවශ්ය පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මෙම වැඩපිළිවෙළ මඟින් රණවිරු පවුල්වල ජීවන තත්ත්වය සහ සෞඛ්ය සුබසාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
















