සතෙකුටත් කැලේ නිදහසේ ජීවත් වීමට අයිතියක් නැද්ද? මිනිසුන් පමණක් ජීවත් වුණාම ඇතිද? යනුවෙන් ප්රශ්න කරමින්, මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් වන සතුන්ට සිදුවන පීඩාව පිළිබඳවද එම සටහන්වලින් අවධානය යොමු කර තිබේ.
කතා කරගත නොහැකි වන සතුන්ගේ වේදනාව සහ ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳව සිතා බැලිය යුතු බව පෙන්වා දෙන සත්ව හිතකාමීහු, ඇත් රජුට ඉක්මනින් සුවය ලබා නැවත නැගී සිටීමට ශක්තිය ලැබේවායි ප්රාර්ථනා කරති.
වන අලි ඇතුළු වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, ඔවුන්ට ස්වභාවික පරිසරයේ නිදහසේ ජීවත් වීමට අවස්ථාව සැලසීමත් සමාජයේ අවධානයට ලක්විය යුතු වැදගත් කරුණකි.
















