වේගවත් සය සාමාජික ක්රිකට් තරගාවලියක් වන හොංකොං සික්සර්ස් 2026 තරගාවලිය ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව ක්රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, එහි නායකත්වය සංගීත් කුරේට හිමිව තිබේ.
**ශ්රී ලංකා සංචිතය:**
– සංගීත් කුරේ (නායක)
– සචිත ජයතිලක
– මොවින් සුබසිංහ
– රවිඳු ප්රනාන්දු
– විශේන් හැළඹගේ
– මුදිත ලක්ෂාන්
– චමිඳු විජේසිංහ
ශ්රී ලංකාව මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය සමඟ තරග වදියි. ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වෙන අතර, ස්කොට්ලන්තය සමඟ තරගය ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වීමට නියමිතය.
2024 වසරේදී හොංකොං සික්සර්ස් ශූරතාව දිනාගත් ශ්රී ලංකාවට, 2025 වසරේදී බෝල් අංශයේ ශූරතාව හිමි විය. මෙවර තරගාවලියේදී ද දස්කම් දක්වමින් ශූරතාව සඳහා තරග කිරීම ශ්රී ලංකා කණ්ඩායමේ අරමුණ වනු ඇත.
















