ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජානකී සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය මීළඟ නඩු දිනයේදී ප්රකාශයට පත් කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කර ඇත.
ක්රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
















