කාවන්තිස්ස මහ ඇතාට කඩිනමින් ප්රතිකාර ලබාදී ජීවිතය බේරාගැනීම සඳහා අවශ්ය ඕනෑම සහායක් ඉල්ලා සිටින ලෙස ඩඩ්ලි සිරිසේන මහතා ඉල්ලීමක් කර තිබේ.
“කාවන්තිස්ස මහ ඇතාට ඉක්මනින් ප්රතිකාර කර සුවපත් කළ හැකි ක්රමය කුමක්දැයි දැන්වත් අපට කියන්න. වනජීවී නිලධාරීන්ට සහ ප්රතිකාර සඳහා එක්ව සිටින පශු වෛද්ය කණ්ඩායම්වලට පමණක් මෙම අභියෝගය ජයගැනීම අපහසු බව පිළිගෙන, ඇතා ආරක්ෂා කරගැනීමට අපෙන් ලබාගත හැකි ඕනෑම සහායක් ඉල්ලා සිටින්න” යන අදහසින් ඔහු සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින අතර, ඇතාගේ සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රාත්රී කාලයේ තාප සංවේදී ඩ්රෝන යානා යොදාගැනීමේ සැලසුම් ද වාර්තා වී තිබේ.
ඇතාට ප්රතිකාර කිරීමේදී අදාළ පශු වෛද්ය කණ්ඩායම්වල උපදෙස් සහ වනජීවී නිලධාරීන්ගේ මෙහෙයවීම් අනුව කටයුතු කිරීම වැදගත් වේ.
















