ඕල්ඩ් බෙන්ස් සහ ඕල්ඩ් මැසෙනෝද් පාසල්වල ආදි ක්රීඩකයන් අතර පැවැත්වෙන වාර්ෂික පාපන්දු තරගය ඔක්තෝබර් 18 වැනි ඉරිදා සවස 4.00ට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්යාලයේදී පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 50ත් 65ත් අතර ක්රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයේදී ඕල්ඩ් බෙන්ස් කණ්ඩායමට හිටපු ජාතික පාපන්දු ක්රීඩක දාමෝදර චන්ද්රසිරි නායකත්වය දරන අතර, ඕල්ඩ් මැසෙනෝද් කණ්ඩායම මෙහෙයවන්නේ ජාතික පාපන්දු ක්රීඩක සුසන්ත පායෝ විසිනි.
දෙපිලටම ශ්රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයන් රැසක් එක්වන අතර, ඕල්ඩ් බෙන්ස් කණ්ඩායමට හිටපු ජාතික ක්රීඩකයන් වන අනුර ද සිල්වා සහ ඇඩ්රියන් වින්ද්රපුල්ලේ ද ඇතුළත් වෙති.
තරගයට සමගාමීව සාන්ත බෙනඩික්ට් විද්යාලයේ ප්රධානී නිරාන් පෙරේරා සහෝදරතුමා සහ ද මැසිනොද් විද්යාලයේ ප්රධානී ජනක ෆොන්සේකා සහෝදරතුමා විසින් පාසල් දෙකේ ධජ ඔසවනු ලබන බව සංවිධායකයෝ සඳහන් කරති. ප්රධාන ආරාධිත අමුත්තා ලෙස තුරින් පෙරේරා මහතා සහභාගි වීමට නියමිතය.
පාසල් සමයේ ක්රීඩා මතක නැවත අවදි කරමින්, පළපුරුදු ක්රීඩකයන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට අවස්ථාව සලසන මෙම තරගය පාපන්දු ක්රීඩාවට ඇලුම් කරන ප්රේක්ෂකයන්ට ද විශේෂ අවස්ථාවක් වනු ඇත.
















