2004 දෙසැම්බර් 26 වැනිදා ශ්රී ලංකාවට බලපෑ දරුණු සුනාමි ව්යසනයෙන් අතුරුදන් වූ පුද්ගලයන් 5,644 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චිතව තහවුරු කරගත නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් අදාළ පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කර ඇත.
ආපදා සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ මාධ්යවේදීන් දැනුවත් කිරීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා ශ්රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් එම මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ මහතා මේ බව ප්රකාශ කළ බව වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව, සුනාමි ව්යසනයෙන් පුද්ගලයන් 30,959 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 5,644 දෙනෙකු අතුරුදන් වී තිබේ. මෙම සංඛ්යා 2004 ව්යසනයේදී සිදුවූ දැවැන්ත මානව හානියේ තරම යළි සිහිපත් කරයි.
















