ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව මෙම වෛද්ය වාර්තාව ඉදිරිපත් කර ඇත. ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට එහි සඳහන් වන බව මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී ප්රකාශ කර තිබේ. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව, වෛද්ය වාර්තාව පරීක්ෂා කර කරුණු දැක්වීම සඳහා නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.














