අඩු ආදායම් ලබන පවුල්වල දෘශ්යාබාධිත පුද්ගලයන් 22,500ක් සඳහා නොමිලේ අක්ෂි පරීක්ෂණ සිදු කර ඇස් කණ්නාඩි ලබා දීමේ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කර තිබේ.
ග්රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්ය වෛද්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් කැලණිය ප්රදේශයේදී මෙම වැඩසටහනේ මුල් අදියරක් පවත්වා ඇති අතර, 2026 වසර තුළ දිවයිනේ සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි මෙය ක්රියාත්මක කෙරේ. මෙහිදී වයස අවුරුදු 18ට අඩු දෘශ්යාබාධිත දරුවන් සඳහා ඇස් කණ්නාඩි මිලදී ගැනීම පිණිස රුපියල් 50,000ක මූල්ය ආධාරයක් ලබා දීමටත්, ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්ය උපකරණ සහ කණ්නාඩි ලබා දීම සඳහා රුපියල් මිලියන 21ක් වෙන් කිරීමටත් රජය පියවර ගෙන ඇත.














