ශ්රී ලංකාව තුළ රියැදුරු බලපත්ර කාඩ්පත් සහ වාහන ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීමේ දැවැන්ත ප්රමාදයක් පවතින බවත්, නිකුත් කිරීමට නියමිත අයිතම මිලියන 1.6කට අධික ප්රමාණයක් මේ වන විට එකතු වී ඇති බවත් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අනාවරණය වී තිබේ.
ප්රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති අමාත්යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය අනාවරණය විය. මුද්රණ උපකරණ සහ හිස් කාඩ්පත් හිඟ වීම හේතුවෙන් රියැදුරු බලපත්ර කාඩ්පත් 673,000ක් පමණ පවතින අතර, 2027 ජනවාරි වන විට පවතින තොග අවසන් වනු ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා ප්රකාශ කළේය. නව ඇණවුම් යටතේ පළමු තොගය 2027 මාර්ෂ අවසානය වන විට ලැබීමට නියමිත අතර, 2027 මැද භාගය වන විට බලපත්ර තදබදය සම්පූර්ණයෙන් විසඳීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, 2025 ජනවාරි 01 සහ 2026 මාර් සහ 09 අතර කාලය තුළ ලැබුණු අයැදුම්පත්වලට අදාළව වාහන අංක තහඩු 958,651ක් ද නිකුත් කිරීමට නියමිතව පවතින අතර, අදාළ කොන්ත්රාත්කරු හරහා එම ප්රමාදය මාස 7ත් 8ත් අතර කාලයක් තුළ විසඳා ගැනීමට හැකි වනු ඇතැයි කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය. මෙම ගැටලු කඩිනමින් විසඳා සේවාවන් විධිමත් කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.














