උතුර හා දකුණ අතර සහෝදරත්වය, අන්යෝන්ය අවබෝධය සහ ජාතික සංහිඳියාව ප්රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ “උතුරට නෑගම් 2026” වාර්ෂික ක්රීඩා උළෙල ඔක්තෝබර් 10 වැනිදා යාපනය හින්දු විද්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
යාපනය හින්දු විද්යාලය සහ කොළඹ ආනන්ද විද්යාලය අතර ක්රිකට්, පැසිපන්දු, චෙස් සහ ඉංග්රීසි මාධ්ය විවාද තරග ඇතුළත්ව පැවති මෙම තරගාවලියේදී ක්රිකට්, චෙස් සහ විවාද තරගවල ජය යාපනය හින්දු විද්යාලය දිනාගත් අතර, පැසිපන්දු තරගයේ ජය කොළඹ ආනන්ද විද්යාලයට හිමි විය. ජයග්රහණවලට වඩා උතුරේ සහ දකුණේ සිසුන් අතර සංහිඳියාව සහ නව මිත්ර සබඳතා ගොඩනඟා ගැනීමට මෙම වැඩසටහන මහත් පිටුවහලක් විය.














