අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ධවල මන්දිර මාධ්ය ලේකම් ධුරයට පත් කළ කේටි සකාරියා එම තනතුරෙන් ඉවත් කර ඇති බව ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ට්රම්ප් ඇයගේ රැකියාව පිළිබඳව යළි සලකා බලන ලෙස උපදෙස් දුන් බව ප්රකාශ කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති අතර, සඳුදා දිනයේදී වැඩ භාරගත් ඇය අඟහරුවාදා සිය පළමු මාධ්ය හමුව පවත්වා තිබිණි. හිටපු මාධ්ය ලේකම් කැරොලයින් ලීවිට් වෙනුවට ඇය පත් කර තිබූ නමුත්, ඇය නීතිඥවරියක ලෙස අවශ්ය විභාගය සමත් වී ඇද්ද යන්න පිළිබඳව මතුවූ ප්රශ්නකාරී තත්ත්වයක් මත මෙම ඉවත්වීම සිදුව ඇති බව වාර්තා වේ.














