පුනර්ජනනීය බලශක්තිය සහ වරාය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ වැඩබලන අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සහ යුරෝපීය කොමිසමේ ජාත්යන්තර හවුල්කාරිත්ව අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG INTPA) ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ පෙටෙරිස් උස්ටබ්ස් මහතා අතර කොළඹදී මෙම හමුව පැවැත්විණි. යුරෝපා සංගමයේ ‘ග්ලෝබල් ගේට්වේ’ (Global Gateway) වැඩසටහන යටතේ මෙරට පුනර්ජනනීය බලශක්ති සහ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී ප්රධාන වශයෙන් අවධානය යොමු කර ඇති අතර, ශ්රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනයට අවශ්ය තිරසාර හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම වැඩබලන අමාත්යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.














