දොම්පෙ ප්රදේශයේ ජනතාවගේ පහසුකම් විධිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 15ක වියදමින් ඉදිකරන ලද අභිනව දොම්පෙ පොදු වෙළඳ සංකීර්ණය සහ රථ ගාල ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් 15 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණි.
දොම්පේ ප්රාදේශීය සභාවේ ප්රතිපාදන යටතේ ක්රියාත්මක කරන ලද මෙම ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ උපුල් අබේවික්රම, දොම්පෙ ප්රාදේශීය සභාවේ සභාපති රංජන් දඹරගේ සහ දොම්පෙ ප්රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














