නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුවම් දීම නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ ප්රධාන අරමුණ බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී පැවති අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්යවරයා මේ බව සඳහන් කළ අතර, මාස හයක නියමු ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක මෙම ක්රමවේදය යටතේ රියදුරෙකු සිදු කරන වැරදි සඳහා ලකුණු එකතු වන අතර, ලකුණු 30 සීමාවට ළඟ වීමේදී බලපත්රය ස්වයංක්රීයව අත්හිටුවීමට නියමිතය. මෙහිදී රියදුරු බලපත්ර කාඩ්පත් 673,000ක සහ වාහන අංක තහඩු 958,651ක පවතින දැවැන්ත ප්රමාදය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසද අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.














