අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අපේක්ෂාවට අනුව අමෙරිකාව සහ ලෙබනනය අතර සෘජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට යාමේදී බාධා මතුව තිබේ.
බෙයිරූට් පිහිටි ලෙබනනයේ ප්රධාන ගුවන් තොටුපළට වලංගු සහතිකයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් සිදු කරන ලද වාර්තාවකින් අනාවරණය වී තිබීම ඊට හේතුවයි. 1985 වසරෙන් පසු පළමු වරට අමෙරිකාව සහ ලෙබනනය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ට්රම්ප් පසුගියදා නියෝගයකට අත්සන් තැබූ නමුත්, ගිනි නිවන පහසුකම් මෙන්ම හදිසි අවස්ථා සැලසුම්වල අඩුපාඩු පවතින බව ICAO වාර්තාව පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, අදාළ ගැටලු විසඳීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ලෙබනන රජය සඳහන් කර සිටී.














