කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මතට ගලක් පතිත වීමෙන් මගීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (17) පස්වරුවේ පහළ කඩුගන්නාව ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථයේ වහලය මතට පතිත වූ ගල වහලය සිදුරු කරගෙන බස් රථය තුළට වැටී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ බස් රථය තුළ සිටි තුවාල ලැබූ මගීන් දෙදෙනා ප්රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ කඩුගන්නාව ප්රදේශයට දැඩි වර්ෂාවක් ද ඇදහැළෙමින් පැවති බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.














