තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3,420ක් සමඟ සැකකරුවෙකු ඊයේ (17) තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල පොලිස් වසමේ මාතර පාරේදී වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ ලද තොරතුරකට අනුවය.
වැටලීමේදී අදාළ දුම්වැටි තොගය නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 59ක් වන රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













