හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්රවාහන නෞකා දෙකක් මුහුදු බෝම්බවල ගැටීමෙන් ගිනිගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්රකාශ කර තිබේ. ඉරාන මාධ්ය වාර්තාවලට අනුව, පළමු නෞකාව මුහුදු බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව දැවැන්ත ගින්නක් හටගෙන ඇත.
දෙවන නෞකාව ද මුහුදු බෝම්බයක ගැටීමෙන් ගින්නට හසු වී ඇති බව එම වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත්, නෞකා දෙකෙහි නම් හෝ ඒවා ප්රවාහනය කළ බොරතෙල්වල මූලාරම්භය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ නෞකා දෙකෙහිම ස්ථානගත වීම හඳුනාගැනීමේ පද්ධති අක්රිය කර තිබූ බවත්, ඉරානය අනුමත නොකළ මාර්ගයකින් ගමන් කිරීමට උත්සාහ කර ඇති බවත්ය. කෙසේ වෙතත්, මෙම සිදුවීම පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් හෝ නෞකා සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.














