රුපියල් 537,200ක වටිනාකමින් යුත් අයිස් මත්ද්රව්ය සමඟ 36 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වෙරළබඩ පොලිස් ස්ථානයේ විශේෂ විමර්ශන අංශය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වැල්ලම්පිටිය, කොටුවිල, කැලණි නදීගම ප්රදේශයේ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 63යි මිලිග්රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබේ.
විදේශගතව සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවීමට සම්බන්ධ බවට සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්රව්ය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර නීතිමය කටයුතු සිදුකරයි.














