ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ රාජකාරී සඳහා ඉතිහාසයේ ප්රථම වරට හයිටි රාජ්යය බලා පිටත්ව ගොස් තිබේ. මෙම කණ්ඩායමට නිලධාරීන් 45 දෙනෙකු ඇතුළත් වන අතර, ඒ අතර පරීක්ෂක ශ්රේණියේ නිලධාරීන් හත්දෙනෙකු ද සිටිති.
මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා පිටත්ව යාමට අදාළ කටයුතු පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩබලන අණදෙන නිලධාරී, නියෝජ්ය පොලිස්පති රෝයි සුමනර්ධන මහතාගේ සහ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ සංවිධානය කර තිබේ.
හයිටියේ ක්රියාත්මක එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන මෙහෙයුම සඳහා ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහභාගී වීම මෙරට පොලිස් සේවයේ ජාත්යන්තර මැදිහත්වීමේ නව පියවරක් ලෙස සැලකේ.














