ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. බගවන්තලාව ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්රදේශයේ මෙම තත්ත්වය හටගෙන තිබේ. අධික වර්ෂාවත් සමඟ ප්රදේශයේ ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.
මේ අතර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.














