දිවයින පුරා ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි. එහි සභාපති ප්රදීප් ප්රියදර්ශන මහතා මේ බව සඳහන් කළේය.
අදාළ පරීක්ෂණය අවසන් කර සකස් කරන වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අදාළ අමාත්යාංශයට ඉදිරිපත් කරන බව සභාපතිවරයා පැවසීය. විදුලි බිඳවැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණයේදී අවධානය යොමු කිරීමට නියමිතය.
එමෙන්ම, අනාගතයේදී මෙවැනි විදුලි බිඳවැටීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු පියවර අදාළ වාර්තාව මඟින් නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බවද ප්රදීප් ප්රියදර්ශන මහතා අද දෙරණ කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.














