සත්යග්රහයක නිරතව සිටියදී බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළාදැක තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය චෝදනා කර ඇත්තේ, මෙම සිදුවීම වත්මන් රජය යටතේ බුද්ධ ශාසනයට සහ බෞද්ධාගමට සිදුවන බව කියන කෙනෙහිලිකම්වල තවත් පියවරක් බවයි.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට සහ එහි මහානායක අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට හිමිවන බවද එජාපය සඳහන් කරයි. ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළද, අදාළ සංඝ සභාවට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්ද පක්ෂය ප්රශ්න කර තිබේ.
එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම මගින් බන්ධනාගාර රෙගුලාසි සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය උල්ලංඝනය වී ඇති බවට එජාපය චෝදනා කරයි. බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, ඔවුන් මහානායක හිමිවරුන් හමුවීමට ගියේ ස්වාධීන තීරණයකින්ද නැතහොත් බාහිර බලපෑමක් මතද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසත් එම පක්ෂය ඉල්ලා ඇත.














