ජාත්යන්තර මට්ටමේ පහසුකම් සහිතව ආරම්භ කළ පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණය මේ වන විට දැඩි අපිරිසිදු තත්ත්වයකට පත්ව ඇති බව එහි වෙළෙඳුන් පවසයි. නිසි නඩත්තු කටයුතු සිදු නොවීම සහ පරිපාලන අක්රමිකතා හේතුවෙන් වෙළෙඳ සංකීර්ණ පරිශ්රය කසළවලින් පිරී ඇති බවට ඔවුහු චෝදනා කරති.
වෙළෙඳ සංකීර්ණය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර පවතින බවද වෙළෙඳුන් පෙන්වා දෙයි. දෛනිකව දහස් ගණනක් වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් ගැවසෙන මෙම පරිශ්රයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමටද ගැටලු මතුව ඇති බව ඔවුහු සඳහන් කරති.
මෙම ගැටලු විසඳීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව වෙළෙඳුන් අවධාරණය කරයි. එසේ නොවුණහොත් පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවිය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.














