ආරක්ෂක අමාත්යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව පරිසර අමාත්යාංශය පවසයි. අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශ ලේකම්වරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
පරිසර අමාත්යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා මෙම විශේෂ හමුදා කණ්ඩායම යොදවා ඇත. ඇතා සොයා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීම එහි ප්රධාන අරමුණ බව අමාත්යාංශය සඳහන් කරයි.
මෙම මෙහෙයුම මගින් අග්බෝ ඇතා සිටින ස්ථානය තහවුරු කර, ඇතාගේ ආරක්ෂාව සහතික කිරීමට අපේක්ෂා කරන බවද පරිසර අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














