පියයුරු පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ප්රාර්ථනා පියස පිළිකා ප්රතිකාර ඒකකය සංවිධාන කළ පාගමනක් අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කළුතරදී පැවැත්විණි. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
කළුතර බෝධිය රථගාල අසලින් ආරම්භ වූ පාගමන කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් කෙරිණි. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය.
කළුතර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ මධුභාෂිණී කරුණාරත්න මහත්මිය ඇතුළු වෛද්යවරුන්, රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













