හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. එම මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, අදාළ මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. අද (18) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (19) පෙරවරු 1.00 දක්වා වලංගු වේ.














