‘අග්බෝ’ හස්තියා නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගැනේ
ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ‘අග්බෝ’ නම් හස්තියා නාච්චාදූව රක්ෂිතයේ සිටියදී සොයාගත් බව ආරක්ෂක ලේකම්වරයා තහවුරු කරනවා.
පසුගිය දිනවල අතුරුදහන්ව සිටි මෙම දෑවැන්ත හස්තියාගේ සෞඛ්ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ඊයේ දියත් කරනු ලැබුවේ ආරක්ෂක අමාත්යංශ ලේකම්වරයාගේ නියෝගයක් මතයි.














