සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිටීද යන්න අනාවරණය කර ගැනීමට පුළුල් විමර්ශන පවත්වන බව අඹන්පොල පොලිසිය මහව මහේස්ත්රාත් අධිකරණයට අද (19) දැනුම් දී තිබේ.
වලාන මධ්යම දූෂණ මර්ධන ප්රහාරක බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුමකදී, ප්රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු බෝර 12 වර්ගයේ බලපත්ර සහිත ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කර ඇත. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් චෝදනා ප්රතික්ෂේප කරමින් ඇප ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුවන් දෙදෙනා මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.














