රාවල්පින්ඩි හි පැවැත්වුණු පාකිස්තාන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් පාකිස්තාන සහ ශ්රී ලංකා කණ්ඩායම් දෙකටම දඩ මුදල් නියම කර තිබේ.
අයි.සී.සී. තරග තීරක ජෙෆ් ක්රෝ මහතා විසින් මෙම දඬුවම් පනවනු ලැබ ඇති අතර, නියමිත කාලයට වඩා පන්දු වාර දෙකක් අඩුවෙන් යැවීම නිසා පාකිස්තාන කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් ද, එක් පන්දු වාරයක් අඩුවෙන් යැවීම නිසා ශ්රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් ද හිමි වී තිබේ. අයි.සී.සී. චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩ මුදල් අය කෙරෙනු ඇත.














