පෙනහළු පිළිකාවක් සඳහා සැත්කමකට භාජනය වීමෙන් පසු පළමු වරට මහජනතාව හමුවට එක්වූ 14 වන ලියෝ පාප් වහන්සේ, තමන් වෙනුවෙන් යාඥා කළ ලක්ෂ සංඛ්යාත ජනතාවට සිය ස්තුතිය පළ කර තිබේ.
ඉරිදා (18) වතිකානයේ අපෝස්තලික මාලිගයේ කවුළුවක සිට ඇන්ජලස් යාච්ඤාව සිදු කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මෙම අදහස් දක්වා ඇත. ඖෂධීය වශයෙන් ‘Lung Adenocarcinoma’ නම් පෙනහළු පිළිකා තත්ත්වයක් හඳුනාගැනීමෙන් පසු පාප් වහන්සේ මෑතකදී සාර්ථක සැත්කමකට භාජනය වූ අතර, සුවය ලබන අතරතුර ක්රමයෙන් සිය රාජකාරි කටයුතු සඳහා යළි එක්වන බවද උන්වහන්සේ ප්රකාශ කර තිබේ.













